Thursday, April 19, 2012

මෙවන් විපතක් යලි සදු නොවන්නට


 ආදරයේ උණුසුම ලග දුක දෙන්නේ නෑ..
දුක්කරදර නැති දවසක දුර පෙන්නේ නෑ....


 
මෙම ගීතය ගායන  කරන්නේ පසුගියදා බියගම ප්‍රදේශයේ මාරක රිය අනතුරකට ලක්ව මියගිය තරුණයන් දෙදෙනාගෙන් එක අයෙකි,

එදා දුක් කරදර නැති දවසක් යැයි සිතුවදෝ ඔවුන්ට පෙනුනේ ලග පමණි.. දුර සිතුනිනම් දසමසක් කුසදර.. ලේකිරි කර පොවා, කුසට අහරක් නැතුව, තම බත් කට  පුතුට කවා වතුර උගුරකින් කුස පුරවාගත් අම්ම මතක වීමට ඔහුට  තිබිණි.. දුර පෙනුනිනම් දෑතේ කරගැට පිපෙනකං අවුවේ පිච්චි පිච්චි වැඩකරපු ආදරණිය තාත්තා මතක වීමට තිබුණි..
සියල්ල සිදුවී හමාරය..
තරුන්නයේ කෙළිලොල් බව පරයමි මාරුව තම ගොදුර දහ ගැනීමට පැමිණෙමින් තිබුණි...
යතුරු පැදියේ වේගය තමා මරුතුරුලට යන බව තේරුම නොගත් තරුණ ජිවිත අමු අමු වේම මාරු තුරුලෙහි හිදින්නට වින...

ආදරණිය අම්මට පුතෙකුත්, ආදරණිය තාත්තාට රත්තරන් පුතෙකුත්.. සහෝදරියන් හට දගකාර මල්ලියෙකුත් නැති කරමින් ඔහු සදහටම යන්නට වින..

මෙවන් විපතක් සිදු නොවන්නට මෙය හැකිතාක් ඔබ මිතුරන් අතරේ shear කරන්න.....! 

ඉහත සදහන් ගීතයේ ඔහු තවත් අවස්ථාවකදී  සජීවී ගායනය නැරබීම  මෙතන click කරන්න 

Friday, March 23, 2012

සිංහල උනාට වැඩක නැ..! සිංහල කියවන්න ලියන්න බැරිනම්.. ! මෙන්න විසදුම් මගෙන්

අපි සිංහල උනාට වැඩක නැනේ අපිට සිංහල කියන්න ලියන්න බැරිනම්...! අනිත් අය සිංහල කියවනවා ලියනවා එත මට බෑ, එහෙමයි කියල නිකන් ඉදල හරියන්නේ නැ.. කාටවත් සකන්ඩ් වෙන්න ඕනේ නැනේ මෙන්න විසදුම්...  මුලින්ම ඕගොල්ලන්ගේ phone එකට opera mini දාගන්න වෙනවා..( m.opera.com )
ඊට පස්සේ opera browser එක ඔපෙන් කරලා ඔයාගේ වෙබ් ලිපිනය සදහන් කරන තැන config: කියල ටයිප් කරලා GO කරන්න..

ඊට පස්සේ එන වින්ඩොව් එකේ පල්ලෙහටම යන්න එහි අවසානයට ඇති Use bitmap fonts for complex scripts මේ මෙනුවේ ඔබට පෙන්නේනේ No යනුවෙනි..!
එම මෙනුව ක්ලික් කොට  Yes  තෝරන්න....!
දැන් බබා වගේ සිංහල පෙනෙයි...!

හරි දැන් කියවන්න පුලුවන්නේ, දැන් බලමු කොහොමද ලියන්නේ කියල..
පොඩි ප්‍රශ්නෙකට තියෙන්නේ android වලට විතරයි මං දැනට දන්නේ සිංහල ලියන විදිහ...!symbian පාවිච්චි කරනවානම් sorry.com

Wednesday, March 14, 2012

channel4 අලුත් සෙල්ලම

පසුගියදා එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ පැවති මාධ්‍යය හමුවකදී එහි ගිය චැනල් 4 වාර්තාකරුවකු වන ජොනතන් මිලර් විසින් ඉදිරියේදී සැලසුම්කර ඇති ශ්‍රී ලංකා සංචාරය පිලිබඳ ප්‍රශ්නකොට ඇත. පහත දැක්වෙන්නේ එම සංවාදයයි.

ජොනතන් මිලර් :
"ඔබ හිනවාද එංගලන්ත කණ්ඩායම සංචාරය කලයුතු යැයි කියා යුධ අපරාධ චෝදනා වලට ලක්වූ නායකයන් සිටින රටකට? විශේෂයෙන්ම එක්සත් ජාතින් විසින් පවා ප්‍රශ්න කිරීම් වලට ලක්වූ අවසන් යුධ සමයේ සිවිල් වැසියන් 40,000 ක් පමණ ඝාතනය කල හමුදාවක් සිටින රටකට?"

එවිට එයට පිළිතුරු දුන් සිම්බාබ්වේ රාජ්‍යය නියෝජනය කල හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙ හා වත්මන් එංගලන්ත ජාතික ක්‍රිකට් කණ්ඩායමේ කළමණාකරු වන ඇන්ඩි ෆ්ලවර් මහතා

ඇන්ඩි ෆ්ලවර් : "ඔබ විමසන මානවහිමිකම් ප්‍රශ්නය මා දන්නවා. නමුත් මෙහිදී මගේ කාර්ය දේශපාලනය පිලිබඳ නොවේ. ක්‍රීඩාව පිළිබඳවයි. අප ලංකාවට යන්නේ ක්‍රීඩා කිරීම සඳහායි". යනුවෙනි.

මාධ්‍යය සාකච්චාවෙන් අනතුරුව ඇන්ඩි ෆ්ලවර් මහතා හමුවූ ජොනතන් මිලර් විසින් ඔවුන් විසින් ලංකාවට එරෙහිව සැකසු "ශ්‍රී ලංකා කිලින් ෆීල්ඩ්" කෙටි චිත්‍රපටය පිළිබඳව විමසා ඇත.එයට පිළිතුරුදුන් ඇන්ඩි ෆ්ලවර්විසින් තමා එය නැරඹු බවත් ඔහු එය නරඹා කම්පනයට පත් වූ බවත් කියා සිටි බව ජොනතන් මිලර් කියා සිටිනවා.


ජොනතන් මිලර් විසින් "ශ්‍රී ලංකා කිලින් ෆීල්ඩ්" නව දර්ශන ඇතුලත් සි.ඩී තැටියක් ද ඇන්ඩි ෆ්ලවර්වෙත පිරිනමා ඇත.
  උපුටාගැනීම (ගොස්සිප්9)

Saturday, March 10, 2012

වැළලීගිය ඇපල් සිහිනයවැළලීගිය ඇපල් සිහිනය

Apple ඉතිහාසය විදහාපාන ලොව විශාලතම සහ දුලබම අයිතමයන් ගොනුව මෑතකදී අනාවරණය විය. 1976 සිට මෑතකාලය දක්වා දිවයන මෙම එකතුවට හිමිකම්පාන්නේ එක්සත් ජනපදයේ ස්ටැන්ෆෝඩ් සරසවියයි. නමුත් අදටත් එය මහජනයාගෙන් වසන්කර තබාගැනීමට ඔවුන් ක්‍රියා කරතිබෙන්නේ මෙම දුර්ලබ එකතුවට ජනතාපැමිණීමෙන් වියහැකි හානි පිළිබඳ සැලකීමෙන් බව සඳහන්වේ.

ලිපිලේඛන, දෘඩාංග, මෘදුකාංග, පටිගතකරන ලද සම්මුඛසාකච්ඡා ආදිය ඇතුලත් මෙම එකතුව සරසවිය වෙත ලැබුණේ Apple සමාගම විසින් 1997දී කළ පරිත්‍යාගයක් ලෙසිනි. අනාගතයේ යම්දිනෙක ස්ටැන්ෆෝඩ් සරසවිය සමග ඒකාබද්ධව තම සමාගමේ ඉතිහාසය විදහා දක්වන කෞතුකාගාරයක් නිමැවීමේ බලාපොරොත්තුවෙන් Apple සමාගම 1997දී කළ මෙම පරිත්‍යාගය ටිකින්ටික අමතකවී ගොස් වැළලීගිය සිහිනයක්ම බඳුවිය. සමාගමෙන් පරිත්‍යාගකළ එකතුවට අමතරව පසුකාලීනව එහි සේවකයන් විසින් කළ පරිත්‍යාගද එකතුව තුළ ඇතුලත්වී ඇත.



1976 වර්ෂයේදී ඇපල් සමාගම ආරම්භ කළේ ස්ටීව් ජොබ්ස් හා ස්ටීව් වොස්නියැක් විසිනි. නමුත් වසර 1985දී ඇපල් හි අධ්‍යක්‍ෂක මඩුල්ල සමග ඇතිකරගත් අමනාපයක් හේතුවෙන් ස්ටීව් ජොබ්ස් තම සමාගමෙන් ඉල්ලාඅස්විය. 1997 වසරේදී නැවතත් ඇපල් සමාගම හා එක්වීම නිමිත්තෙන් ජොබ්ස් මෙම පරිත්‍යාගය සිදුකරන්නට ඇත. සමහරක්විට තම ජීවන වික්‍රමය අනාගත ලොවවෙනුවෙන් සුරකින්නටයයි ඔහුට සිතෙන්නට ඇත. ඔහු ස්ටැන්ෆෝර්ඩ් සරසවියේ ඉගෙනුම ලැබුවෙකු නිසාවෙන්ද එය සමග හොඳ සබඳතාවක් පවත්වාගෙන ආ නිසාද එය තෝරාගන්නට ඇතැයි සිතිය හැක.

එකතුව තුළ අඩංගු එක් රසවත් ලිපියක් මෙසේය. එවකට එම ලිපියෙහි රචකයා විසින් තම මිතුරෙකු වෙත තරයේ කළ අවවාදයක් ලෙස ලියා ඇති එහි සටහන්වන්නේ ස්ටීව් ජොබ්ස් නැමැති කරදරකාරයාගෙන් පරිස්සම්වන ලෙසටයි.

Steve Jobs - Apple සමාගමේ සමනිර්මාතෘ

ස්ටැන්ෆෝඩ් සරසවියෙන් දුරස්ථ පෙදෙසක ගොඩගසා ඇති මෙම එකතුව පිහිටා ඇති ස්ථානය හෙළිනොකිරීමට සරසවිය වගබලාගෙන ඇත. ලෝකය ඇපල් සමාගම පිළිබඳ දත් නොදත් දේ සඟවාගෙන සිටින මෙම එකතුව මහජනයාට එළිපෙහෙලි වන දිනය කවදාද? නොඑසේනම් හොරරහසේ මෙතෙක් සඟවාගෙන සිටින මෙම ගොනුව යකඩ, පත්තර වලට විකිනේවිද? තවමත් සරසවිය මේ පිළිබඳ මුණිවත රකින්නේය.

ෆේස්බුක් ගිණුමේ ආරක්ෂාවට ඔවදනක්

ගොඩක්දෙනාට තියෙන ප්‍රශ්නයක් තමා වයිරස්ස්පෑම්, ට්රෝජන් වැනි දේවල් වලින් ආරක්ෂා වන්නේ කොහොමද කියන එකනමුත් ඉස්සර අපි ඒවාගෙන් ආරක්ෂා කරගැනීමට වෙහසුනේ අපගේ පරිගණකයයිනමුත් දැන් පරිගණකය විතරක් නෙවෙයි ඒ වගේ නරක වැඩසටහන්වලින් අන්තර්ජාලයේ ගිණුම් පවා දැන් ආරක්ෂා කරගැනීමට සිදු වෙලා. ඒකට හොඳම උදාහරණය තමා ඔබගේ මුහුණු පොතේ ගිණුම.
ඉතින් මුහුණු පොතේ ඉන්න අයට දැන් නිතර නිතරම නරක වැඩසටහන්වලින් තමන්ගෙ මුහුණු පොතේ ගිණුම ආරක්ෂා කරගැනීමට සිදු වෙලා. නරක වැඩසටහන්වලින් වගේම තමන්ගේ ගිණුම කිසියම් හෝ පුද්ගලයෙකු හැක් කරයි කියලත් බයෙන් ඉන්ඩත් අද ගොඩක් දෙනාට සිදු වෙලා තිබෙනවාඉතින් එහෙම ඉන්න අයට පොඩි හරි නිවී සැනසිල්ලක් ලබා දෙන්ඩ ඕන කියල අපි හිතුවා. ස එවැනි දේවල් වලින් ෆේස්බුක් ගිණුම ආරක්ෂා කරගැනීමට ඇති හැකියාවන් හා එය කරගන්නේ කොහොමද කියලා තමා අපි මේ ලිපියෙන් කියලා දෙන්න හදන්නේ. ෆේස්බුක් ගිණුමක් හැක් වුනොතින් අපි මොකද කරන්නේ?
ඔබගේ ෆේස්බුක් ගිණුම කොයි වෙලේ ඔබේ පාලනයෙන් මිදී වෙන කෙනෙකුගේ පාලනයට අයත් උනොතින් ඔහු මුලින්ම සිදු කරන්නේ ෆේස්බුක් ගිණුමට ඔබ පිවිසෙන විද්යුත් තැපැල් ලිපිනය වෙනස් කිරීමයිඉතින් එය වෙනස් කල පසු ඔබට නැවත ඔබගේ ගිණුමට පිවිසීමට බැහැ: මොකද? තවදුරටත් ඔබේ email ලිපිනය එම ගිණුමට අදාල නොවන නිසාඑවැනි අවස්ථාවක ඔබ කළබල නොවී මුලින්ම ෆේස්බුක් මුලස්ථානයට ඒ පිළිබඳව විද්යුත් ලිපියක් ලියන්නමෙන්න ලිපිනය (abuse+dt17u8y@facebook.com)


ඔබ එයට ලිපිය ලියු පසු පැය දෙකක් කාලයක් තුල ෆේස්බුක් ආයතනයෙන් ඔබටපිළිතුරක් ඒවි. මූලස්ථානය ඔබ පිළිබඳ සහතික කරගැනීම පිණිස ඔබගේ විස්තර ඉල්ලනු ලැබේඑහිදී ඔබ ජාතික හැදුනුම්පත ලබා නොදෙන්නමොකද එය සිංහල භාෂාවෙන් තිබෙන නිසාඔබ ගාව රියදුරු බලපත්‍ර හෝ පාස්පෝර්ට් එක තිබේනම් ඒවාහි පිටපතක් එම විද්යුත් ලිපිනයට යැවීමෙන් ඔවුන් විසින් ඒවා සහතික කරගැනීමෙන් පසුව ඔබගේ පාලනයෙන් ගිලිහි තිබෙන ෆේස්බුක් ගිණුම ජාලයෙන් ඉවත් කිරීමක් සිදු කරයිමෙම කාර්යයට උපරිම වුණොත් දවසක් ගත වේවි.
එවැනි සහතික කිරීමක් නොමැතිනම් ඔබට වෙනත් ගිණුමක් හරහා එය තමන්ගේ මිතුරන්ට කියා රිපෝර්ට් කිරීමකින් ඉවත් කරගත හැකියනමුත් එයට දීර්ඝකාලයක් ගත වේ.

·         බගේ ෆේස්බුක් ගිණුමට ස්පෑම් වැනි දේවල් පැමිණෙන්නේ නම් මොකද කරන්නේ?
  1.    ඔබගේ ගිණුමේ රහස් වචනය වෙනස් කරන්න.එය වෙනස් කිරීමට නොහැකිනම් 'Forget Ur Password' හරහා ගොස් විද්යුත් ලිපිනයට රහස් වචනය වෙනස් කිරීමට අවශ්‍ය කෝඩ් එක ලබාගන්න.
  2.    බගේ පරිගණකයේ තිබෙන පරිගණක ආරක්ෂක මුදෘකාංගය යාවත්කාලීන කර තිබේද, නරක වැඩසටහන්වලින් තොරද යන්න ඔබ එම මෘදුකාංගය හරහා පරික්ෂා කර බලන්න. මන්දයත් ඔබගේ පරිගණකය එවැනි නරක වැඩසටහන්වලින් ආසාදනයට ලක් වී තිබියහැකඑවිට නැවත ඔබගේ ගිණුම වෙන කෙනෙකුගේ අතට පත් වීමට ඇති ඉඩ කඩ වැඩියඑම නිසා ආරක්ෂක මෘදුකාංගයක් හරහා පරිගණකය පරික්ෂා කර නරක වැඩසටහන් ඉවත් කරගන්නවයිරස්ගාඩ් එකක් නොමැති පරිගණක සදහා එවැනි මෘදුකාංගයක් ඉන්ස්ටෝල් කර ස්කෑන් කිරීමෙන් අනතුරුව ෆේස්බුක් වෙත පිවිසෙන්න.

FACEBOOK වැහෙන කතාව - ඇත්ත නැත්ත

2012 මාර්තු 15 (බ්‍රහස්පතින්දා) දිනෙන් මත්තට ෆේස්බුක් සමාජජාලය වසාදැමීමට එම සමාගම තීරණය කර ඇතැයි යන්න පසුගිය දිනවල අසන්නට දකින්නට ලැබුනු කතාවකි. තමන් නිතිපතා භාවිත කරනු ලබන ෆේස්බුක් ජාලය හිටිහැටියේම වසාදැමෙන බව ඇසීමෙන් පුදුමයට හා කම්පාවටපත් පිරිස සුළුපටු නොවේ. මන්දයත් මිලියන 845 ඉක්මවූ ලොවපුරා ජනකායක් රොදබැඳ ෆේස්බුක් අඩවිය වෙත පිවිසීමට පුරුදු පුහුණු කරගෙන සිටින්නෝ බැවිනි. ෆේස්බුක් වසාදැමෙන බව ලොවම මවිත කරමින් ප්‍රකාශයට පත්කළේ "Weekly World News"(weeklyworldnews.com) නම් පුවත් වෙබ්අඩවියයි.

ෆේස්බුක් ජාලය පාලනය කිරීම අපහසු තත්වයකට පත්ව ඇති බවත්, එහි පරිපාලන කටයුතු හේතුවෙන් තමන් බලවත් පීඩනයකට පත්ව තිබෙන බවත්,

 එහි නිර්මාතෘ හා වත්මන් විධායක අධ්‍යක්‍ෂක වන මාක් සකර්බර්ග් කළ ප්‍රකාශයන් ලෙස උපුටා දක්වමින් Weekly World News අඩවිය ෆේස්බුක් ජාලය වසාදැමීමට නියමිත බව වාර්තා කළේය. සකර්බර්ග්ගෙන් කළ පුද්ගලික විමසීමකදී facebook වැසීමෙන් ලොවපුරා ජනතාවගේ ජීවිතවලට අයහපතකට වඩා යහපතක් සිදුවිය හැකි බව ඔහු ප්‍රකාශකළ බවත් ෆේස්බුක්හි තාක්‍ෂණික උපසභාපතිගෙන් කළ විමසීමකින් මාර්තු 15වන දින facebook වැසීයාම තහවුරු කරගත් බවත් මෙම පුවත් සේවය වාර්තාකර තිබේ.

ෆේස්බුක් සමාගම වැසීමට යන්නේනම් ඇමරිකානු කොටස් වෙළඳපලට එක්වූයේ මන්දැයි විශාල ප්‍රෙහෙලිකාවක් විය. අනෙක් අතට මේවන විට මාක් සකර්බර්ග්ට ඇත්තේ ෆේස්බුක්හි මුළු අයිතියෙන් 28.4% ක් පමණක් බව අමතක නොකළ යුතුයි. මේ අනුව Weekly World News පුවත පිළිබඳ දැඩි සැකයක් පහළවීම ස්වාභාවිකයි.

Weekly World News අඩවියෙහි මෑතකදී පළ කර ඇති පුවත් අතර පිටසක්වලජීවීන් පෘථීවිය ආක්‍රමණය කිරීමට සැරසෙයි මැයෙන්ද පුවතක් ද වේ. අනෙක්වා බොහොමයක ද විශ්වාසවන්තභාවයක් නොමැති බව තහවුරු වී ඇත. මේ අනුව මෙම පුවත් සේවයේ විශ්වාසවන්තභාවය පිළීබඳ අදහසක් ලබාගත හැක. ඒ බව සනාථ කරමින් පසුගිය පෙබරවාරි 10 වන දින ෆේස්බුක් සමාගම විසින් නිල ප්‍රකාශයක් නිකුත්කරමින් "ෆේස්බුක් සමාජජාලය වසාදැමීම පිළිබඳ කිසිඳු තීරණයක් ගෙන නොමැති" බව ප්‍රකාශයට පත්කෙරිණ.

ෆේස්බුක් සමාගම කොටස් වෙළඳපලට එක් වූයේ 2012 මුල් භාගයේයි. මෙතෙක් කොටස්වෙළඳපල තුලට එක්වෙමින් තම සාර්ථකත්වය ළඟාකරගත් පරිගණක තාක්‍ෂණ ප්‍රමුඛයා ලෙස සැලකෙන්නේ Apple සමාගමයි. මේ අනුව පැහැදිලි වනුයේ වසාදැමීමක් කෙසේවෙතත් ෆේස්බුක් සමාගම ඇපල් අඩිපාරේ යමින් තම ආධිපත්‍ය දිනෙන් දින පුළුල් කරමින් සිටින බව නොවේද?

Thursday, March 1, 2012

Cocktail (කොක්ටේල්)

         cocktail එක  පිලිබදව...

බ්ලොග් පිටුවේ නම cocktail මේ ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැනේ... ! අපි බලමු මොනවද මේ cocktail එකේ තියෙන්නේ කියල.. මෙන්න මෙහෙමයි කතන්දරේ..

ලංකාවේ අපි වගේ බ්ලොග් ලියන අය ඉනවානේ.. මගේ වගේම  අනන්න ඒ අයගේ බ්ලොග් පිටු අතරින් ඕගොල්ලන්ට එදිනේද ජිවිතයට අවශ්‍ය ගොඩක් වැදගත් IT news, එතකොට හාස්‍ය රසය ජිවිතයට වැදගත් ලියවිලි අරව මේවා හැමදේම කවලන්කරලා එකම තැනකින් පෙන්නනයි හදන්නේ..
cocktail කියල නම දන්නා හිතුනෙත් එක නිසාමයි..!