Wednesday, March 14, 2012

channel4 අලුත් සෙල්ලම

පසුගියදා එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ පැවති මාධ්‍යය හමුවකදී එහි ගිය චැනල් 4 වාර්තාකරුවකු වන ජොනතන් මිලර් විසින් ඉදිරියේදී සැලසුම්කර ඇති ශ්‍රී ලංකා සංචාරය පිලිබඳ ප්‍රශ්නකොට ඇත. පහත දැක්වෙන්නේ එම සංවාදයයි.

ජොනතන් මිලර් :
"ඔබ හිනවාද එංගලන්ත කණ්ඩායම සංචාරය කලයුතු යැයි කියා යුධ අපරාධ චෝදනා වලට ලක්වූ නායකයන් සිටින රටකට? විශේෂයෙන්ම එක්සත් ජාතින් විසින් පවා ප්‍රශ්න කිරීම් වලට ලක්වූ අවසන් යුධ සමයේ සිවිල් වැසියන් 40,000 ක් පමණ ඝාතනය කල හමුදාවක් සිටින රටකට?"

එවිට එයට පිළිතුරු දුන් සිම්බාබ්වේ රාජ්‍යය නියෝජනය කල හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙ හා වත්මන් එංගලන්ත ජාතික ක්‍රිකට් කණ්ඩායමේ කළමණාකරු වන ඇන්ඩි ෆ්ලවර් මහතා

ඇන්ඩි ෆ්ලවර් : "ඔබ විමසන මානවහිමිකම් ප්‍රශ්නය මා දන්නවා. නමුත් මෙහිදී මගේ කාර්ය දේශපාලනය පිලිබඳ නොවේ. ක්‍රීඩාව පිළිබඳවයි. අප ලංකාවට යන්නේ ක්‍රීඩා කිරීම සඳහායි". යනුවෙනි.

මාධ්‍යය සාකච්චාවෙන් අනතුරුව ඇන්ඩි ෆ්ලවර් මහතා හමුවූ ජොනතන් මිලර් විසින් ඔවුන් විසින් ලංකාවට එරෙහිව සැකසු "ශ්‍රී ලංකා කිලින් ෆීල්ඩ්" කෙටි චිත්‍රපටය පිළිබඳව විමසා ඇත.එයට පිළිතුරුදුන් ඇන්ඩි ෆ්ලවර්විසින් තමා එය නැරඹු බවත් ඔහු එය නරඹා කම්පනයට පත් වූ බවත් කියා සිටි බව ජොනතන් මිලර් කියා සිටිනවා.


ජොනතන් මිලර් විසින් "ශ්‍රී ලංකා කිලින් ෆීල්ඩ්" නව දර්ශන ඇතුලත් සි.ඩී තැටියක් ද ඇන්ඩි ෆ්ලවර්වෙත පිරිනමා ඇත.
  උපුටාගැනීම (ගොස්සිප්9)